Botanical name:--Tinospora cordifolia
English name:-Heart leaved mooseed
Sinhala name:-Rasakinda
Tamil name :-seenthil, cintil, Shindil-kodi, Amirthavalli, Kunali
Sanskrit :-amrta, Guruchi-
Description:-A big climber , glabrous; stems fleshy ; roots long thread like, aerial, ariseFrom branches ; bark thin , grayish or creamy with in colour , whenpeeledFleshy stem si exposed. Leaves cordate membranous , juicy. Male flowerSmall , female flower occur singly. Fruits pea shaped , fleshy, shiny read.
Distribution:-India, Myanmar and Sri Lanka.
Status:-Native
Edible parts:-None
Ayurvedic usage:
Propagation:-Stem cuttings
ලේ පිරිසිදු කරන රසකිඳ
අමෘත යන නමින් ද හැඳින්වෙන රසකිඳ වලට දීර්ඝ ඉතිහාසයක් ඇත. අතීතයේ සිට නෙල්ලි හා රසකිඳ පානය කිරීමට මෙරට වැසියන් පුරුදු ව සිටි හෙයින් නිවෙස් අසල උස් ගස් මත රසකිඳ වැල් වවා ගැනීමට පෙළඹුණාහ. උස් අතු මත වැඩෙමින් කහ පැහැ නූල් වැනි මූලධර පොළවට එල්ලෙන ආරෝහකයකි.
දේශීය ව්‍යවහාරයට අනුව රසකිඳ වර්ග 5 කි. ඒවා නම් බූ කිඳ – (වැල් මුල් එක සමාන මුත් කොළ වල බූවක් ඇත)
ගැට කිඳ - (මුල් කොළ එක සමාන මුත් වැලේ ගැට ඇත)
තිත්ත කිඳ - (මුල් කොළ සමාන මුත් අධික තිත්ත රසයෙන් යුක්තයි)
පිටි කිඳ - (වැල් වල බොහෝ සෙයින් පිටි ඇත)
දික් කිඳි - වැල් මුල් සමාන මුත් කොළය අඹ කොළය මෙන් දිස් වේ.
මෙම පස් වර්ගයේ ගුණ ද තරමක් එකිනෙකට වෙනස් ය. ගැට කිඳ හැර අනෙක් සතරම ඖෂධ ලෙස යොදා ගනී. රසකිඳ ඖෂධය සඳහා පුද්ගලයාගේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ වටිනාකමක් ඇති වැල් ශාකයකි.
පැරැන්නන් අතර රසකිඳ වලට බොහෝ වටිනාකමක් දී ඇත. ඔවුහු නොයෙක් ලෙඩ රෝග වලදී අත් බෙහෙත් ලෙස රසකිඳ ගෙන ඇත.
කොළ අඹරා මෝරු සමග බීම, රසකිඳ සමඟ මී පැණි හිස් බඩ බීම, සෙංගමාලයට සුදුසු අත් බෙහෙත්ය. තවද රසකිඳ යුෂ හෝ පිිටි මෝරු සමග බීම අර්ශස් වලට යෝග්‍යය. නෙල්ලි, රසකිඳ තම්බා බීම ඇඟ දැවිල්ලට කරන අත් බෙහෙතකි. රසකිඳ කොළ ඇල්දියෙන් අඹරා ගෑම පිළිස්සුනාට සෙතක් බැව් පැරණි අය අතර සේ ම නවතම පරම්පරාවටත් වැටහී ඇත.
බහුවාර්ෂික ආරෝහකයකි. පොත්ත අලු පැහැතිය. දුර්වල කඳ ගස්වල අතු මත වැඩෙන අතර නූල් වැනි මුල් පස දෙසට වැඩේ. පොත්ත පහසුවෙන් ඉවත් වේ. පත්‍ර විශාලය, වටකුරු ඕවාලාකාර වේ’ තරමක් හෘදාකාරය. මෙහි මල් ඒකලිංගිකයි. කහ කොළ පැහැතියි. සෙ. මී. 3.8 – 6.4 පමණ පත්‍ර දිගයි. ගෙඩි ඕවලාකාරයි. ස්ත්‍රී හා පුරුෂ වැල් මෙන් වෙන් ව ඇත. කොළ පැහැ පොකුරු ලෙස ඇත. ඉදුණු විට ඒවා රතු දුඹුරු පැහැ වේ. පෙබරවාරි මාර්තු මාසවල මල් පිපේ.
මැයි ජුලි කාලයේ ගෙඩි හට ගනී.
ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන මේ ශාකය වියළි කලාපයේ සුලභය.
පිට පොත්ත ඉවත් කළ වැල රසකිඳ පිටි මුල් කොළ ඖෂධ සඳහා ගැනෙන කොටස් වේ.
සමේ රෝග නසන අතර ලේ වඩයි. ආමාශයේ ආම්ලිකතාව සමනය කරයි. ශක්තිය වඩයි, බඩගිනි ඇති කරයි. හෘද රෝග වලට ගුණයි. ආයු වඩයි. අධික දහඩිය පිටවීම පිපාසය ලේ දොස් වමනය කරකැවිල්ල ප්‍රමේහ තුන්දොස් අජීර්ණ කැස්ස කුෂ්ඨ පණු රෝග වාත රෝග අර්ශස් නැති කරයි. රස කිඳ යුෂ කල්කය හෝ චූර්ණය යම් පුද්ගලයකු නිතර පාවිච්චි කරන්නේ නම් ඔහුට කිසි දිනක ලාදුරු නොවැළඳේ.
මතක ශක්තිය වර්ධනය කර ගැනීමට රස කිඳ කරල් සැබෝ මුල් වළඟසාල් සක්මල් වදකහ අරළු කොට්ටම් හාතාවාරිය අල එකසමානව ගෙන චූර්ණ කර ගිතෙල් සමග (චූර්ණ කළං 11, 1 1 / 2 ගිතෙල් කලං 1 1 / 2) අනා උදේ සවස දින තුනක් අනුභව කිරීමෙන් ශ්ලෝක දහසක් මතක තබාගත හැකි මතක ශක්තියක් ඇතිවේයැයි කියා තිබේ.
දීර්ඝ කාලීන රෝගාබාධ වලින් සුවය ලබන පුද්ගලයාගේ ගෙවී ගිය පටක යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මෙබඳු ඖෂධ යොදා ගනී. මේවා සංරක්ෂණය කළ ඖෂධ ලෙස සැලකීම වටී.